Friday, April 26, 2024

General line - 0115112241

කහ කාඩ්පතේ පිහිටෙන් ජපානය 16 වටයට - පැරදුනත් එංගලන්තයත් සුදුසුකම් ලබයි

කසුන් කැලුම්




රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙවර 16දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එකම ආසියානු රට ලෙස ජපානය ඊයේ (28) සිය ස්ථානය තහවුරු කර ගත්තා. එ් එච් කාණ්ඩයේ දෙවැන්නා බවට පත්වෙමින්.

ඊයේ පැවති තරගයේදී ජපානය පෝලනත්ය හමුවේ එකට බින්දුවක් ලෙස පරාජය වුවද මෙවර තරගාවලියේ අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් හිමිකර ගත් දෙවන කණ්ඩායමට පත් වීම හේතුවෙන් ජපානයට 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වුණා. ජපානය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ 16 දෙනාගේ වටයට පිවිසි 3 වන අවස්ථාව මෙයයි.

මේ අතර ඊයේ පැවති තීරණාත්මක තරගයේදී සෙනගලය ගෝල එකට බින්දුවක් ලෙස පරාජය කරමින් එච් කාණ්ඩයෙන් පෙරමුණ ගත් කොලොම්බියාව 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. කොලොම්බියාව 2014 වසරේ බ‍්‍රසීලයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටද සමත් වුණා.

මේ අතර කාගේ වැඩි අවධානයක් දිනා ගත් එංගලන්තය සහ බෙල්ජියම අතර තරගයද ඊයේ පැවති අතර එහි ජය හිමිකර ගත්තේ බෙල්ජියම් කණ්ඩායමයි. එ් අනුව බෙල්ජියම ජී කාණ්ඩයේ පෙරමුණ ගනිමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. එංගලන්තය මෙම තරගය පරාජයට පත් වුවද එම කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කර ගනිමින් ඔවුන්ද 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන එංගන්තය නායක හැරී කේන් ඊයේ තරගයට කි‍්‍රඩා නොකිරීමද විශේෂත්වයක්. මෙම තරගයේදී බෙල්ජියම දෙවන අර්ධයේ 51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගය ජය ගත්තා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටය හෙට ආරම්භ වීමට නියමිතයි.