Friday, April 26, 2024

General line - 0115112241

රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්




මෙවර පාපන්දු ලෝක කුසලානයේ රන් සපත්තුව දිනා ගැනීම වෙනුවෙන් කි‍්‍රඩකයින් දෙදෙනෙකු අතර තියුණු සටනක් හට ගෙන තිබෙනවා. 

ඒ, එංගන්තයේ හැරී කේන් සහ බෙල්ජියමේ රොමේලූ ලූකාකු අතරයි.

මෙම රටවල් දෙකම දැනටමත් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

විනාඩි 273ක් තුළ හැරී කේන් ගෝල 06ක් ලබා වැඩිම ගෝල ලාභීන් අතර පෙරමුණේ පසුවනවා.

විනාඩි 239ක් තුළ ලූකාකු රැස්කර ගෙන සිටින ගෝල සංඛ්‍යාව 04ක්.

ගෝල රැස්කීරිම් වෙනුවෙන් වැඩි උත්සහයක් දැරූ කි‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවන්නේ බ‍්‍රසිලයේ නේමාර් ද සිල්වායි. ඔහු දරා ඇති උත්සහයන් සංඛ්‍යාව 24ක්.

තීරණාත්මක අර්ධ අවසන් පුර්ව වටය ආරම්භ කරමින් බ‍්‍රසීලය සහ බෙල්ජියම ලබන 06 වැනිදා පිටියට පිවිසෙනවා.

උරුගුවේ සහ ප‍්‍රංශ කණ්ඩායම අතර තරගයද එදිනම පැවැත්වීමට නියමිතයි. ස්විඩනය සහ එංගලන්තයත්, රුසියාව සහ ක්‍රොඒෂියාවත් ලබන 07 වැනිදා තරග බිමට පිවිසෙනවා.