Friday, April 26, 2024

General line - 0115112241

බැලුම්ගලට බලපෑම් කළ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අරඹයි (UPDATE)

හේමන්ත කහවලගේ/ සමන්ත කුමාර




නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන සම්බන්ධයෙන් වැරදි ලෙස විමර්ශනය කළ සහ වැරදි බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ ප‍්‍රධානත්වයෙන්.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනට තොරතුරු ලබාදුන් ශ‍්‍රාවකයින්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසිය සිදු කළ බලපෑම්  පිළිබඳ මෙහිදී විමර්ශනය කරනු ඇති.

නෙත් එෆ්. එම්. රේඩියෝව ඇමතු අසන්නන්ගේ දුරකතන අංක ව්‍යාජව ලබාගෙන ඔවුන්ට මෙලෙස බලපෑම් කර තිබූ බවයි පසුව අනාවරණ වුණේ්. කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන් එලෙස තොරතුරු ලබාගෙන තිබුණේ නීතිය නොමග යවමින්. 

--------------------------------

බැලුම්ගලට බලපෑම් කෙරෙන විමර්ශ නවතන්නැයි කොල්ලුපිටිය පොලිසියට නියෝග (UPDATE)

(11-07-2018 10:52)

 

නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වහාම නතර කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ සාක්ෂි ලබාදීම සඳහා කොල්ලූපිටිය පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති එහෙත් මෙතෙක් නොපැමිණි ශ‍්‍රාවකයින්ට එලෙස පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දන්වන ලෙසද පොලිස්පතිවරයා කොල්ලූපිටිය පොලිසියට නියෝග කර ඇති බවයි. 

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සිදු කළ පැමිණිල්ලක් අනුව නෙත් එෆ්. එම්. රේඩියෝවට ඇමතුම් ලබාගත් පුද්ගලයින්ට දුරකතනයෙන් අමතා තොරතුරු ලබාදෙන ලෙස කොල්ලූපිටිය පොලිසියෙන් සිදු කළ බලපෑම් ඉකුත් දින කිහිපයේදී මහත් ආන්දෝලනයකට ලක්වුණා.

ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද සංවාදයට ලක් වූ අතර මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන රැසක් කොල්ලූපිටිය පොලිසියේ ක‍්‍රියා පිළිවෙත විවේචනයට ලක් කළා. 
 

------------------------------------

නෙත් එෆ් එම් බැලුම්ගලට එල්ල වූ පොලිසියේ බලපෑම ගැන ජනමාධ්‍ය ඇමතිට ලිපියක් (UPDATE)

(09-07-2018 19:39)

 

නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු ලබාදුන් ශ්‍රාවකයින්ගේ අන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය විසින් කරන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේද අවධානයට ලක්වුනා.

ඒ අනුව අදාල සිදුවීම මුල් කර ගනිමින් එහි ඉදිරි පියවර ගැනීමේ කටයුතු සඳහා විශේෂ ලිපියක් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විසින් මුදල් හා ජන මාධ්‍ය මංගල සමරවීර මහතා වෙත අද (09) භාර දෙනු ලැබුවා. එම ලිපිය පහතින්.

 

.........................................................................................................................................................

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයත් 'බැලුම්ගල' වෙනුවෙන් හඬ අවදි කරයි

(09-07-2018 08:00)

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසියෙන් ශ‍්‍රාවකයින්ට එල්ල වන බලපෑම් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ද හෙළා දකිනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ නීතිය අවනීතිය කරමින් මාධ්‍ය අයිතිවාසිකම් උල්ංඝණය කිරීමට එරෙහිව පෙළගැසිය යුතු බවයි. 

කොල්ලූපිටිය පොලිසියේ ක‍්‍රියා කලාපය හේතුවෙන් තොරතුරු ලබා ගන්නා මූලාශ‍්‍ර හෙළි නොකර සිටීමට සහ එම මූලාශ‍්‍ර ආරක්ෂා කිරීමට ජනමාධ්‍යයට ඇති අයිතිය පවා දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර දැනටමත් ප‍්‍රකාශ කර අවසන්. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ කොල්ලූපිටිය පොලිසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කර ඇති බව අනාවරණ වී ඇති බවයි. ඒ, පොලිස්පතිවරයාගේ නියෝග මත කළ සොයා බැලීමකදීයි. ඒ අනුව අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කළ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙයසි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනේ මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසියෙන් සිදු වූ බලපෑම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද ඉකුත්දා සංවාදයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මතු කළ ප‍්‍රශ්නයක් සමගයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ එවැනි බලපෑමක් සිදු කර ඇත්දැයි සොයා බලන බවයි. 

නෙත් එෆ් එම් බැලූම්ගලට එරෙහි පොලිස් බලපෑම් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද අවධාරණය කළේ. 
 

 

------------------------------------------

බැලුම්ගල වැඩසටහනට කොල්ලුපිටිය පොලිසිය බලපෑම් කිරීම ගැන විෂයබාර ඇමතිගේ අවධානය යොමුවෙයි  (VIDEO/ UPDATE) 

(07-07-2018 11:37)

 

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ මූලාශ‍්‍ර හෙළිකර ගැනීම සදහා කොල්ලූපිටිය පොලීසියෙන් ශ‍්‍රාවකයන්ට එල්ල වී ඇති බලපෑම් පිළිබද නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ අවධානය යොමුව තිබෙනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ නෙත් එෆ් එම් රේඩියෝවේ ශ‍්‍රාවකයන්ට කොල්ලූපිටිය පොලීසියෙන් අයුතු බලපෑමක් සිදුව ඇත්නම් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.

මේ අතර කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කර ඇති බව අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියාසිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත සිදුකළ සොයා බැලීමකදි එය අනාවරණ වූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා. 

මෙම ගැටළුව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද සංවාදයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 27 දෙක යටතේ මේ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමගයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියාසිටියේ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ මූලාශ‍්‍ර හෙළි කර ගැනීම සදහා කොල්ලූපිටිය පොලීසියෙන් බලපෑම් සිදුකර ඇති දැයි සොයා බලන බවයි.
------------------------------------------

බැලුම්ගලට එරෙහිව පොලිසිය අධිකරණයට බොරු කියලා - නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නැයි පොලිස්පති නියෝග කරයි

07-07-2018 08:10

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන සම්බන්ධයෙන්  කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කර ඇති බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. නෙත් එෆ් එම් ශ‍්‍රාවකයන්ට කොල්ලූපිටිය පොලීසියෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගය මත සිදුකළ සොයා බැලීමකදි එය අනාවරණ වූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා. 

" කොල්ලුපිටිය පොලිසිය විසින් අංක 9055 බී වාර්තාව මගින් උසාවියට කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ දණ්ඩනීති සංග්‍රහයේ 480 යටතේ, අපහාසයක් වූ බව පවසමින්. නමුත් 2002 වසරේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයකින් මෙම වගන්තිය ඉවත් කරල තියෙනවා. ඒ නිසා ඒ යටතේ අධිකරණයට කාරුණු වාර්තා කිරීම සාවද්‍යයි."

අධිකරණයට වැරදි තොරතුරු ඉදිරිපත් කළ කොල්ලූපිටිය පොලීසියේ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ. 
 

-----------------------------------------------------

නෙත් එෆ් එම් බැලුම්ගල එරෙහි පොලිස් බලපෑම් ගැන තවදුරටත් සොයා බලනවා - අගමැති පාර්ලිමේන්තුවේදී පවසයි 

06-07-2018 11:40

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ මුලාශ‍්‍ර හෙළි කර ගැනීම සඳහා කොල්ලූපිටිය පොලීසියෙන් බලපෑම් සිදු කෙරෙන්නේ දැයි සොයා බලන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (06) කියා සිටියා. ඒ, කොල්ලූපිටිය පොලීසියෙන් සිදු කෙරෙන එම බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගූණවර්ධන කළ ප‍්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලබා දෙමින්.

බැලූම්ගල වැඩසටහනට නොව නෙත් එෆ් එම් රේඩියෝවේ වෙනත් වැඩසටහන් වලට ඇමතුම් ලබා දුන් ශ‍්‍රාවකයන්ද කොල්ලූපිටිය පොලීසියට කැඳවා ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රවරයා කියා සිටියා. මෙය මාධ්‍ය නිදහසට කෙරෙන තර්ජනයක්ද වන බවයි මන්ති‍්‍රවරයා පෙන්වා දුන්නේ.

මීට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කෙරුණු අනාවරණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කොල්ලූපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවයි. ඊට අදාළව විමර්ශන සිදු කරන පොලීසිය වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයින් දෙදෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයිද අග‍්‍රමාත්‍යවරයා පැවසුවා. වැඩිදුර විමර්ශන සඳහා තවත් 04 දෙනෙකෙුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ලබා ගත් බවද පොලීසිය තමන්ට දැනුම් දුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. කෙසේවෙතත් බැලූම්ගල වැඩසටහනට නොව නෙත් එෆ් එම් රේඩියෝවේ වෙනත් වැඩසටහන් සඳහා ඇමතුම් ලබා දුන් තැනැත්තන්ද ප‍්‍රකාශ ලබා දීමට කොල්ලූපිටියි පොලීසියට කැඳවා ඇතැයි දිනේෂ් ගුණවර්ධන මන්ති‍්‍රවරයා නැවත කියා සිටියා.

නෙත් එෆ් එම් රේඩියෝවට ඇමතුම් ලබා දුන් තැනැත්තන්ගේ දත්ත පොලිසියට ලැබීමද ගැටලූ සහගත බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ පිළිබඳ තවදුරටත් සොයා බලන බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා.

 

------------------------------------------------

නෙත් එෆ් එම් බැලුම්ගල එරෙහි පොලිස් බලපෑම් ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

06-07-2018 06:07

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට තොරතුරු ලබාදුන් පාර්ශවයන් වෙත පොලීසියෙන් කෙරෙන බලපෑම් පිළිබද විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවට ඇමතුම් ලබාදුන් ශ‍්‍රාවකයන්ගේ දත්ත ලබාගෙන ඒ අනුව එම ශ‍්‍රාවකයන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට කොල්ලූපිටිය පොලීසිය කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ. අදාළ දත්ත පොලීසිය විසින් ලබාගෙන ඇති ක‍්‍රමයද ගැටළුකාරී බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙනවා. 

මෙමගින් මූලාශ‍්‍ර ආරක්‍ෂා කර ගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතියද කොල්ලූපිටිය පොලීසිය විසින් උල්ලංඝණය කර තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මාධ්‍යයක් වෙත අදහස් ප‍්‍රකාශ කිරීමට පුරවැසියන් සතු භාෂණයේ සහ ප‍්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතියද මෙමගින් බලපෑමට ලක්වන බවත් මෙය මාධ්‍ය නිදහස සීමා කිරීමක් ලෙසද අර්ථ දැක්විය හැකි බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර ශ‍්‍රාවකයන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට යුහුසුළුව කි‍්‍රයාකරන බව නෙත් එෆ් එම් රේඩියෝව සිහිපත් කරනවා. තොරතුරු මූලාශ‍්‍රවල රහස්‍යභාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරිමටද නෙත් එෆ් එම් රේඩියෝව කැපවී කි‍්‍රයාකරන බව අවධාරණය කළයුතුයි.

ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විධායක කමිටුවද ඊයේ හදිසි රැසිවීමක් කැඳවූ අතර, එහිදී තීරණය වූමේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹීමටය. මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවන ලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීරණය කෙරුනා.

............................................................................................................................................................................

තොරතුරු මූලාශ‍්‍ර ආරක්‍ෂා කර ගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය කොල්ලූපිටිය පොලීසිය විසින් උල්ලංඝණය කරලා

(05-07-2018 17:23)

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට තොරතුරු ලබාදුන් පාර්ශවයන් වෙත පොලීසියෙන් කෙරෙන බලපෑම් පිළිබද විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරනවා.

මෙමගින් මූලාශ‍්‍ර ආරක්‍ෂා කර ගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතියද කොල්ලූපිටිය පොලීසිය විසින් උල්ලංඝණය කර තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මාධ්‍යයක් වෙත අදහස් ප‍්‍රකාශ කිරීමට පුරවැසියන් සතු භාෂණයේ සහ ප‍්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතියද මෙමගින් බලපෑමට ලක්වන බවත් මෙය මාධ්‍ය නිදහස සීමා කිරීමක් ලෙසද අර්ථ දැක්විය හැකි බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර ශ‍්‍රාවකයන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට යුහුසුළුව කි‍්‍රයාකරන බව නෙත් එෆ් එම් රේඩියෝව සිහිපත් කරනවා.

තොරතුරු මූලාශ‍්‍රවල රහස්‍යභාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරිමටද නෙත් එෆ් එම් රේඩියෝව කැපවී කි‍්‍රයාකරන බව අවධාරණය කළයුතුයි.
--------------------------------------------------

කොල්ලූපිටිය පොලිසියෙන් මාධ්‍යයට කරන බලපෑම් ගැන ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අවධානය

05-07-2018 09:46

නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය ශ‍්‍රාවකයින් පිරිසකට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම සංගමයේ හදිසි රැස්වීමක් අද (05) කැඳවා ඇති බවත් එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

කොල්ලූපිටිය පොලිසියේ මෙම ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වනවිටත් පාර්ශ්ව රැසක විරෝධය පළ වී තිබෙනවා. 
 

--------------------------------

මූලාශ්‍ර හෙළිකරන්නැයි බැලුම්ගලට පොලිසියෙන් බලපෑම් - මාධ්‍ය නිදහස මේකද ඒකාබද්ධ විපක්ෂ විමසයි

(04-07-2018 19:12)

 

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට තොරතුරු ලබාදුන් තැනැත්තන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා පොලිසිය සිදු කරන අයථා බලපෑම්, මාධ්‍යයට එල්ල කරන තර්ජනයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂය කොළඹ දී අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. 

"පාලිත තෙවරප්පෙරුම ඇමතිවරයා පිළිබඳව කරන ලද වැඩසටහනකට තොරුතුරු ලබා දුන් බව පවසන සහ දුරකතනයෙන් වැඩසටහන හා සම්බන්ධ වූ පිරිස් කොල්ලුපිටිය පොලිසිය විසින් ප්‍රශ්න කරනවා. මේකද මාධ්‍ය නිදහස" යැයි මන්ත්‍රීවරයා මෙහිදී විමසුවා. 


සිය අනාවරණයන් සඳහා පාදක කර ගන්නා මූලාශ‍්‍ර හෙළි නොකර සිටීමේ මාධ්‍යවේදීන් සතු අයිතියට මෙවැනි ක‍්‍රියා මගින් දැඩි බලපෑමක් එල්ල වන බව බොහෝ පාර්ශව පෙන්වා දෙනවා.