Friday, April 26, 2024

General line - 0115112241

තායිලන්තයේ තවත් ඛේදවාචකයක් : බෝට්ටුවක් පෙරලි 49 ක් අතුරුදහන්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ පුද්ගලයින් 97 දෙනෙකු සිට තිබුණා. 

ඒ අතරට චීන සහ තායිලන්ත ජාතික කාර්යයමණ්ඩල සාමාජිකයින්ද අයත්. ජිවිතාරක්ෂ කණ්ඩායම් විසින් අනතුරට පත්ව සිටි 48 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්වුණා. තායිලන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.