Friday, April 26, 2024

General line - 0115112241

කරුණා කොළඹ ගෙනාවේ අගමැතිතුමා - ගිණියම්වූ සභාව නිවමින් නගරාධිපති කියයි (PHOTOS)

සනත් ගමගේ




හිටපු රාජ්‍ය ඇමැතිනී විජය කලා මහේෂ්වරියගේ ප්‍රකාශයට විරෝධය පලකිරීම හේතුවෙන් හම්බන්තොට මහ නගර සභාවේ අද (11) පැවති සභාවාරයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

නගරාධිපති එරාජ් රවීන්ද්‍ර  ප්‍රනාන්දු  ප්‍රධානත්වයෙන් ආරම්භවූ අතර විශේෂ යෝජනා ගෙන ඒමේ අවස්ථාවේ දි නාගරික මන්ත්‍රී  යූ.කේ.ඒ දිසානායක (පො.ජ.පෙ) යෝජනාවක් ගෙ එමින් කියා සිටියේ මෙරට වසර තිහක යුද්ධයක් ඇති කරමින් පක්ෂ, ජාති, භේදයකින් තොරව  ම්ලේච්ඡ ලෙස ජනතාව ඝාතනය කළ මිනී මරු කොටි සංවිධානයට නැවත  පණ පෙවිමට විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට හම්බන්තොට මහ නගර සභාවේ විරෝධය පල කරන බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සියළු මන්ත්‍රීවරු අද කළුපටි පැලඳ  පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පලකළා.


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන  සියළු නාගරික මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා මෙම විරෝධතාවයට එක් වූයේ නැහැ.

මෙහිදී යෝජනාව ඉදිරිපත් කළ පාර්ශවයේ අදහස් පලකිරීමක් සමඟ ම එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ඩී.ඒ ගාමිණි මෙම යෝජනාව හදිසි යෝජනාවක් ලෙසින් සභාවට ගෙන ඒමට නොහැකි බව පවසා, මෙම යෝජනාව නගර සභා බල  ප්‍රදේශයට අයත්නොවන නොවන ප්‍රශ්නයක් බව පැවැසීමත් සමගම සභාව උණුසුම් තත්ත්වයකට පත් වුණා. ඩී.ඒ ගාමිණි දිගින් දිගටම අදහස් දක්වමින් කියා සිටියේ අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පැවැත්වෙන බවයි. පසුගිය ආණ්ඩු සමයේ කරුණා අම්මාන්, පිල්ලෙයින් වැනි එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබලයන්ට අවස්ථාව ලබා දුන් බවද ඔහු පැවසුවා.


දෙපාර්ශවය අතර දැඩි උණුසුම් ලෙස වාග් ප්‍රහාර එල්ල වීමත් සමඟම නගාරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්නදු කියා සිටියේ රටට බලපා ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් හදිසි යෝජනාවක් ලෙස සභාවට ගෙන ඒමට හැකි බවයි. එම නිසා යෝජනාවට අදහස් උදහස් පලකිරිම සිදු වූ හෙයින් දැන් සියළු දෙනා නිහඬ වන ලෙස ඉල්ලීමක් කරමින් ඔහු කියා සිටියේ .

"ඩී.ඒ ගාමිණි  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමා මතක් කළා කරුණා අම්මාන් ගැන. කරුණා අම්මාන් කොළඹට ගෙන ආවේ 2002 -2004 කාලයේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා.  එම නිසා එය මතක් කිරීම සම්බන්දව මම ස්තුති කරනවා. මට හොඳට මතකයි. එල්.ටී‍ .ටී . ඊ සංවිධානය  දුර්වල කරන්න ඕන කියලා තමයි  කරුණා අම්මාන් කොළඹට අරන් ආවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එය කළේ. මේවා අද කාටත් අමතක වෙලා කථා කරන්නේ. එම නිසා දේශපාලන පක්ෂ වශයෙන් නොව රට වශයෙන් මෙම යෝජනාව පිළිගෙන විරෝධය පලකලා දැන් අවසන් සභාවේ වැඩ ඉදිරියට කරගෙන යමු." යැයි ඔහු පැවසුවා.