Friday, April 26, 2024

General line - 0115112241

චිත්‍රපට සංස්ථාවට එරෙහි අතුරු තහනම දිගු කෙරේ




ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පමණක් චිත්‍රපට බෙදා හැරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජූලි මස 25දා තෙක් දීර්ඝ කිරීමට  කොළඹ දිසා අධිකරණය අද (12) නියෝග කළා.

කොළඹ දිසා අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ දැනට චිත්‍රපට බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත සමාගම් 4ක් විසින් ගොනු කළ පෙත්සමක් අද කැදවු  අවස්ථාවේදී.

මෙම පෙත්සම් ගොනු කරමින් ඊ.ඒ.පී. එදිරිසිංහ, ලංකා ෆිල්ම් ඩිස්ට්‍රීබියුටස්, සිනමා එන්ටර්ටේන්මන් ලිමිටඩ් සහ මූවි ප්‍රඩක්ෂන් යන සමාගම් පවසා  ඇත්තේ තම ආයතන  පසුගිය වසර 18 පුරාවට  චිත්‍රපට බෙදාහැරීම, නිකුත් කිරීම සිදු කළ බවයි.

එය නතර කිරීමෙන් සිනමා ශාලාවට සහ දේශීය චිත්‍රපට කර්මාන්තයට බලපෑමක් එල්ල වන බවද ඔවුන් සිය පෙත්සමෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දිසා විනිසුරු ආර්.බී.සී රත්නායක මහතා චිත්‍රපට සංස්ථාවට එරෙහිව මෙම  අතුරු තහනම් නියෝගය දීර්ඝ  කළා.