Friday, April 26, 2024

General line - 0115112241

වාර්තා පොතේ පිටු පෙරළමින් දිමුත් හුදකලා සටනක (UPDATE)




දකුණු අපි‍්‍රකාවට එරෙහිව අද ආරම්භ වූ ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දිමුත් කරුණාරත්න ශී‍්‍ර ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වුණා. පළමු ඉනිම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 287ක් පමණයි.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158ක් ලබා ගත්තා. මෙය ටෙස්ට් කි‍්‍රකට් තරගවලදී ඔහු විසින් රැස් කර ගත් 08වන ශතකයයි. ටෙස්ට් තරගයකදී ආරම්භ පිතිකරුවෙකු ලෙස පැමිණ ඉනිම අවසන් වන තෙක් නොදැවී කී‍්‍රඩා කළ 04වන ශී‍්‍ර ලාංකිකයා බවට පත්වීමටද දිමුත් කරුණාරත්න මෙහිදී සමත්වුණා. මීට පෙර එවැනි දක්ෂතාවක් දක්වා ඇත්තේ සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු සහ රසල් ආනල්ඩ් පමණයි. 

අද තරගයේදී දිමුත් කරුණාරත්න සමග එක්ව ඉනිමේ හොඳම සබඳතාව ගොඩනගා ගත්තේ ලක්ෂාන් සඳකැන්. ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩනගා ගත්තා. ආරම්භක පිිතිකරුවෙකු පාර්ශවකරුවෙකු වෙමින් ටෙස්ට් කි‍්‍රකට් තරගයකදී අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුනු ලොව තුන්වන හොඳම සබඳතාවද මෙයයි. ලක්ෂාන් සඳකැන් ලකුණු 25කට දැවී ගියා.

තරගය අද දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි දකුණු අපි‍්‍රකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 04යි.
------------------------------------

දිමුත්ගෙන් ශතකයක්

12-07-2018 16:08

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8වන ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු  දිමුත් කරුණාරත්න අද (12) සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වූ තරඟයේදීයි.

පන්දු  160 කින් වාර්තා වූ දිමුත් කරුණාරත්නගේ ශතකයට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුණා. කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රීලංකා කණ්ඩායම ඒ වන විට කඩුලු 8ක් අහිමිව සිටියා.