Friday, April 26, 2024

General line - 0115112241

අරුණගේ පදක්කම් සිහිනය බොඳ වෙයි (PHOTOS)

කසුන් කැලුම්




17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ මීටර් 400 බාලක ඉසව්ව පිළිබද ශී‍්‍ර ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තුව ඊයේ (12) රාති‍්‍රයේ බිද වැටුනා. එම ඉසව්වේ 03 වන අවසන් පූර්ව තරගයට එක් වූ අකුරම්බොඩ වීරකැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන එම ඉසව්වේදී හිමි කර ගත්තේ 5 වන ස්ථානයයි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 46:75ක් වුනා. 

තුන්වන අවසන් පූර්ව තරගයේ ප‍්‍රථස්ථානය හිමිකර ගත් ජැමෙයිකානු කී‍්‍රඩකයා සහ කැනඩා කී‍්‍රඩකයා අද (13) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර මීටර් 100 බාලිකා අවසන් පූර්ව තරගයට එක් වූ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂාද සිල්වාට එම ඉසව්වේදී හිමි වූයේ 8 වන ස්ථානයයි. ඇගේ තරග නිමි කාලය තත්පර 11:86ක්. 

17 වන ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ෆින්ලන්තයේදී පැවැත්වෙනවා. මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තරගාවලියට ආරම්භයට පෙර දින කිහිපයකට ෆින්ලන්තයට පිටත් කර හැරියේ නම් ඔවුන් මීට වඩා දක්ෂතා දැක්වීමට හැකියාව තිබූ බවයි ඔවුන්ගේ පුහුණුකරුවන් පවසන්නේ. රාතී‍්‍ර කාලයේ ෆින්ලන්තයේ පවතින අධික ශීත කාලගුණය ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අභියෝගයක් වීම ඊට හේතුව බවයි ඔවුන් පවසන්නේ.