Friday, April 26, 2024

General line - 0115112241

ගුහාව තුළ සිරවූ දරුවන් මාධ්‍යට කළ හෙළිදරව්ව

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සති දෙකකට අධික කාලයක් තායිලන්තයේ ගුහාවක සිරවී සිට බේරා ගැණුනු පාපන්දු කණ්ඩයමක දරුවන් පිරිස පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිට තිබෙනවා.

එම අවස්ථාවට එක් වූ දරුවන් 12 දෙනාගෙන් ඉංගී‍්‍රසි බස හැසරවිය හැකිව තිබුණේ එක් දරුවෙකුට පමණයි. ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් එම දරුවා පවසා ඇත්තේ, සිරවී සිටි තමන් ඇතුළු පිරිස පළමුවරට සොයාගත් අවස්ථාව ආශ්චර්යේ මොහොත ලෙස තමන් හදුන්වා දෙන බවයි.

ගුහාව තුළ සිටි සමයේ තම කණ්ඩායමට ආහාරය වූයේ ජලය බවත් ගුහාවේ ජලය පිරිසිදු මට්ටමේ තිබූ බවත් ඔහු පවසා තිබෙනවා. තමන් ඇතුළු පිරිස ආහාර ගැන කිසිවක් නොසිතූ බව පවසන දරුවා එසේ සිදුකළේ කුසගින්න නමැති සිතුවිල්ලෙන් ඈත්වීමට බවයි ප‍්‍රකාශ කර ඇත්තේ. දින කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ ඔවුන් ඊයේ (18) සිය නිවෙස් බලා පිටත්ව ගියා.