Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාභය ඇතුළු 7කට නොතීසි




ලබන සැප්තැම්බර් 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට අද (20) නොතීසි නිකුත් කෙරුණා. ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කෙරුණේ ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළවයි. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චමරි වීරසූරිය ඉදිරියේ අද මෙම නඩුව සලකා බැලූණා. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේ ප‍්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 07දෙනා තමන් වෙත ප‍්‍රකාශ ලබාදී ඇති බවයි. ඒ අනුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නීතිපති උපදෙස් ලැබී ඇතැයිද ඒ සඳහා ඔවුන් අධිකරණයට කැඳවිය යුතු බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියා.