Friday, April 26, 2024

General line - 0115112241

කබඩි කෙල්ලන් ජපානය පරදවමින් ඉදිරියට

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




කබඩි පදක්කම් බලාපොරොත්තු තවත් ඉහල දමමින් ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම සිය දෙවන ජයග‍්‍රහය අද (20)පස්වරුවේ වාර්තා කළා. එ් ජපානයට එරෙහිවයි. 

ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 17-22ක් ලෙසයි. අද උදැසන පැවති තරගයේදි ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම සත්කාරක ඉන්දුනීසියාව පරාජය කළා. 

ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම හෙට (21) දිනයේ ප‍්‍රබල ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.