Friday, April 26, 2024

General line - 0115112241

මාතර බැංකු කොල්ලයක් - කාන්තාවකටත් වෙඩි

ලහිරු කපුගේ




මාතර, ගන්දර, පරවාහැර ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අද (21) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවුණා. එහිදී කොල්ල කා ඇති මුදල රුපියල් ලක්ෂ 03කට ආසන්නයි.

කොල්ලය සිදු කර ඇත්තේ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ ආයුධ සන්නද්ධව යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙක්. ඔවුන් එහිදී වෙඩි තැබීමක්ද සිදු කර තිබෙනවා. වෙඩි වැදීමෙන් කාන්තාවක් තුවාල ලැබූ අතර ඇය ප‍්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ මාතර රෝහලටයි.

ගන්දර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.