Friday, April 26, 2024

General line - 0115112241

"ඉදිරියේදී පත්වන ඕනෑම ආණ්ඩුවකට මෙම අධිකරණය අතිශය වැදගත්"

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




අලුතින් පිහිටවූ විශේෂ මහාධිකරණයේ ප‍්‍රධාන නඩු කටයුත්තක් ලෙස බැඳුම්කර සිද්ධියද ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ මෙම මහාධිකරණයේ පළමු නඩුව බවට පත්විය යුතුව තිබුණේ බැඳුම්කර සිද්ධිය බවයි. 

මෙම මහාධිකරණයේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම බවද උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා කියා සිටියා. 

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පැවසුවේ වත්මන් ආණ්ඩුවට පමණක් නොව ඉදිරියේදී පත්වන ඕනෑම ආණ්ඩුවකට මෙම මහාධිකරණය අතිශය වැදගත් බවයි.

මූල්‍ය අක‍්‍රමිකතා නඩු කඩිනම් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ති‍්‍රත්වයේ පළමුවැන්න ඊයේ (21) විවෘත කෙරුණා. ඒ, අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයේදීයි.