Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රහස්පති මත ජලය ඇති බව සොයා ගැනේ

දිනුක් හේවාවිතාරණ




සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය ලෙස සැලකෙන බ්‍රහස්පති මත ජලය ඇති බවට නාසා ආයතනය පවසනවා. 

නාසා ආයතනය සදහන් කරන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ තිබෙන විශාල රතු ලපය තුළ ජලය සහිත වලාකුළු පවතින බවට හෙළිදරව් වී ඇති බවයි. නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය යොදා ගනිමින් සිදුකල පරික්ෂණයන් ඇසුරෙන් මෙම සොයා ගැනීම සිදුකර ඇති බව සදහන්. 
 
නාසා ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එහි ගැඹුරු වලාකුළු වල ජලයේ රසායනික සංඝටක පවතින බවයි. ඊට අමතරව, කාබන්මොනොක්සයිඩ් වැනි ඔක්සිජන් සහිත වායු එහි පවතින අතර, බ්‍රහස්පති ග්‍රහයා තුළ හිරුගේ මෙන් නව ගුණයක ඔක්සිජන් පවතින බව අනාවරණ වී තිබේ.
 

බ්‍රහස්පති වටා පරිභ‍්‍රමණය වන චන්ද්‍රයන් බොහෝමයක් අයිස් වලින් වැසී පවතින අතර බ්‍රහස්පති තුළ ජලය පැවතීමට එය ද සාක්ෂියක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

දැනට සිදුකර තිබෙන මුලික විමර්ශනයන් මගින් බ්‍රහස්පති ග්‍රහයා වටා තිබෙන විශාල රතු ලපයේ අඩංගු ජලය පිළිබඳව සොයා බැලෙන බවත් ඉන් අනතුරුව මුළු ග්‍රහයාගේ ජලය තිබීම ගැන සොයා බලන බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ.

බ්‍රහස්පති මත ජනාවාස ඇති කිරීම මනංකල්පිත අදහසක් නොවන බවත් ඉදිරි විමර්ශන වලදී හෙළිවන කරුණු මත එහි අනාගතය රඳා පවතින බව විද්‍යාඥයින් සදහන් කරනවා.

මිට සති කිහිපයකට ඉහතදී විද්‍යාඥයින් සිදුකළ විමර්ශනයන් වලදී අඟහැරු සහ චන්ද්‍රයා මත ජලය පවතින බවට හෙළි කර ගැනීමට සමත් වුවා.