Friday, April 26, 2024

General line - 0115112241

ඊජිප්තුවේ පුද්ගලයින් 75 දෙනෙකුට මරණ දඬුවම නියම කරයි

දිනුක් හේවාවිතාරණ




2013 වසරේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මුර්සි බලයෙන් පහකිරීම සදහා මුස්ලිම් සහෝදරත්ව විරෝධතාකරුවන් දියත් කළ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් 700 කට එරෙහිව එරට අධිකරණය විසින් අද දඬුවම් නියම කරනු ලැබුවා.

මෙහිදී පුද්ගලයින් 75 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම පැනවීමට ඊජිප්තු අධිකරණය නියෝග කර ඇති අතර තවත් පුද්ගලයින් 47 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව සදහන්.

මෙලෙස දඬුවම් ලැබූ පුද්ගලයින් අතර ඉස්ලාම් පුජකවරුන්ද සිටින බවයි ඇමනේස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය උපුටා දක්වමින් BBC පුවත් සේවය සදහන් කරන්නේ.

නීති විරෝධී මහජන රැස්වීම සංවිධානය කිරීම, ඝාතනයන් සිදුකිරීම සහ ප්‍රචන්ඩත්වය ඇති කිරීම යන චෝදනා යටතේ මෙම පිරිසට එරෙහිව නඩු විභාගයන් සිදුකර තිබෙනවා.

2013 වසරේදී ඇතිවූ මෙම විරෝධතාවයන්ට එල්ලවූ හමුදා ප්‍රහාරයන් හේතුවෙන් සියගණනක් විරෝධතාකරුවන් මිය ගියා.