Friday, April 26, 2024

General line - 0115112241

මගේ ගමන 2025 වෙද්දී නිම කරනවා - ඇමති සජිත්

සජිත් තිලකරත්න




තමාගේ දේශපාලන අනාගතය පිළිිබඳ ඇතැම් පිරිස් සිදු කරන ප‍්‍රකාශයන්ට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (16) ප‍්‍රතිචාර දැක්වූවා.

පොහොට්ටුවේ නායකයින් කියනවා අන්න සජිත් ඉවරයි.... සජිත්ට 2030 වෙනකන් උඩට එන්න විදිහක් නැහැ කියලා. නමුත් මම කියනවා මම මගේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. මම ඒ ගමන 2025 වෙද්දී ඉවර කරනවා, ඒ සැමට සෙවණ ලබා දීලා. හැබැයි මම කියන ගමනයි පොහොට්ටුවේ නායකයින් කියන ගමනයි කතා දෙකක්. හොයලා බැලුවමයි තේරෙන්නේ මෙයාලා 2030 වෙනකම් එන්න බැහැ කියලා කියන්නේ අරලියගහ මන්දිරයේ පදිංචියට මට එන්න විදිහක් නැහැ කියන එක. මම අහන්නේ ඇයි මේ තරම් පෙරේතකම. අවුරුදු 10 ක් හිටියා ඔය මන්දිර වල. දේශප්‍රේමිත්වයේ නාමයෙන් රටේ ලොකු ලොකු තනතුරු සින්නක්කරව එක පවුලකට ලියා ගන්න පුළුවන් කියලා යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළ කළේ අම්පාර, දමන ප‍්‍රදේශයේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්.