Friday, April 26, 2024

General line - 0115112241

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පෝය දිනට විවෘත කිරීමට සුදානම්

කාංචන කුමාර ආරියදාස




පොහෝ දිනවල වසා තැබුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ලබන බිනර පොහෝ දින සිට සෑම පොහොය දිනකම වීවෘතව තැබීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ බව සඳහන් කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ පිවිසුම් ගේට්ටුවල දැන්වීම් ප‍්‍රදර්ශනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොහොය දිනට පෙර සහ පසු දින විශාල වශයෙන් එළවළු මිල පහත වැටීම හේතුවෙන් ගොවීන්ට සිදුවන පාඩුව වැළැක්විම සඳහා මෙම තීරණයට එළඹි බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ.