Friday, April 26, 2024

General line - 0115112241

ජනපති ප‍්‍රධානත්වයෙන් ජාතික ඕසෝන් දිනය සැමරෙයි




මිහිතලයේත්, ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා  ඕසෝන් වියන ආරක්ෂා කර ගැනිමට සියලූ දෙනා වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජාතික  ඕසෝන් දින සැමරුම් උත්සවය අද (17) අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍යය අංශය පැවසුවේ.

ජාතික  ඕසෝන් දින සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණා.