Friday, April 26, 2024

General line - 0115112241

හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නැයි නියෝග

දිනුක් හේවාවිතාරණ




දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ 10 වසරක සිර දඬුවම් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නැයි එරට අධිකරණය  විසින් අද (19) නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝගය ලැබෙන විට හිටපු අගමැතිවරයා මාස දෙකක කාලයක් සිර දඬුවමට යටත්ව සිටියා.

හිටපු අගමැතිවරයාට සහ ඔහුගේ දියණියට එරෙහිව දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ නඩු විභාගයකින් අනතුරුව ඉකුත් ජුලි මාසයේදී  එරට අධිකරණය විසින් 10 වසරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා. 

තමන්ට ලද දඬුවම සම්බන්ධයෙන් ඔවුන් විසින් ගොනුකළ අභියාචනයකට අනුව අද දිනයේදී අධිකරණය විසින් හිටපු අගමැතිවරයා සහ ඔහුගේ දියණිය නිදහස් කර තිබෙනවා.

ඉකුත් සතියේදී හිටපු අගමැතිවරයාගේ බිරිඳ පිළිකා රෝගය නිසා එංගලන්තයේදී අභාවප්‍රාප්ත වුවා.