Friday, April 26, 2024

General line - 0115112241

යේමනයේ දරුවන් මිලියනයක් අවදානමක

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යේමන දරුවන් මිලියනයක් පමණ සාගතයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ‘‘සේව් ද චිල්ඞ්රන්’’ ආයතනය පවසනවා. රට තුළ පවතින යුදමය තත්ත්වය ඊට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ආහාර මිල ගණන් ඉහළ යාම හා යේමන රියාල් අගය අඩුවීම යන කරුණු මත යේමනයේ ආහාර සුරක්ෂිතතාව කඩා වැටී ඇති බවද විදෙස් වාර්තාවන්හි සඳහන්. ඒ හේතුවෙන් යේමන වැසියන් බහුතරයක් මේවනවිට උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටිනවා. 

එමෙන්ම ජාත්‍යන්තරයෙන් රට තුළට ආධාර ගලා එන ප‍්‍රධාන වරාය ආශී‍්‍රතව පවතින ගැටුම් හේතුවෙන් රට තුළට ආහාර පැමිණීමක්  සිදු නොවන බවයි පැවසෙන්නේ. ඒ අනුව යේමනයේ වෙසෙන කුඩා ළමුන් මිලියන 5 යි දශම 2ක් පමණ සාගත තත්ත්වයකට මුහුණ පාමින් සිටන බව ‘‘සේව් ද චිල්ඞ්රන්’’ ආයතනය අනාවරණ කළා.