Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියානු පන්දු යවන්නන් පාකිස්ථානය අමාරුවේ හෙලයි

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ (19) පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදවා කඩුලු 08ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුනා.

කාසියේ වාසිය දිනු පාකිස්ථාන නායකයා ෂෆ්රාස් අහමඩ් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 3 ක් වන විට දවා ගැනීමට බුවනේශ්වර් කුමාර් සමත් විය. 

දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේශ්වර් කුමාර් සහ කේදාර් යාදෙව් පාකිස්ථාන පිතිකරුවන්ට පීඩනයක් ගෙන දුන්නා. 

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක පිතිහරඹයක නිරතවූ සොයිබ් මලික් (43) සහ බාබර් අසාම් (47) විසින් තුන්වන කඩුල්ල සදහා එක් කළ ලකුණු 82 ක සම්බන්ධතාවය නිසා පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 43.2 කදී ලකුණු 162ක් රැස්කර ගනු ලැබුවා.

පාකිස්ථාන පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 ක කඩඉම පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදීම පාකිස්ථානයේ ඇඳ වැටීමට හේතුව විය.

ජයග්‍රාහි ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් සිය ඉලක්කය පන්දු වාර 29 කදී සපුරා ගැනීමට සමත් විය. පාකිස්ථානයට එරෙහිව වැඩිම පන්දු (126) සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී ඉන්දියාව ලද විශාලතම ජයග්‍රහණය ලෙස මෙය දැක්වෙනවා.

ලකුණු හඹා යාමේදී ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා ලකුණු 52ක් සහ ෂිකර් ධවාන් ලකුණු 46ක් රැස්කර ගනු ලැබුවා.