Friday, April 26, 2024

General line - 0115112241

ගිය ආණ්ඩුව මර්ධනය කළ පාතාලය මේ ආණ්ඩුව වර්ධනය කරනවා - ගෝඨාභය

පින්සිරි ආරියරත්න




ඉකුත් ආණ්ඩුව මර්දනය කළ පාතාල කි‍්‍රයාකාරකම් සහ අපරාධ වත්මන් ආණ්ඩුව යටතේ යළි වැඩිවෙමින් පවතින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. පිළියන්දල, බටකැත්තර ශී‍්‍ර සුමනාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

රටේ වත්මන් නායකයින්ට යුද්ධයෙන් තොර රටක් ලබාදීමට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.