Friday, April 26, 2024

General line - 0115112241

දඩැල්ල මුහුදු වෙරළේ අභිරහස් මරණයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ලලිත් චාමින්ද-ගාල්ල




ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළේ පිහිටි දුනුකෙයියා ගසක රෙදි පටියක ආධාරයෙන් එල්ලී මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් අද (02) දහවල් සොයා ගෙන තිබෙනවා.

මේ අතර අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටින්නේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි. ඇය මිට දින තුනකට පමණ පෙර සිය නිවසින් පැනගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිල්ලක්ද කර ඇති බව සදහන්.

මෙම පාසල් ශිෂ්‍යාව සතුව තිබියදී හමුවී ඇති ජාතික හැදුනම්පත ඇගේ වැඩිමහල් සහෝදරියගේ බවට අනාවරණය වී තිබෙනවා. 

මෙය සියදිවි නසා ගැනීමක්ද නැත්නම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න ගැන විමර්ශනය කරන බව ගාල්ල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කර සිටියා.