Friday, April 26, 2024

General line - 0115112241

විජයකලාට ඇප (UPDATE)

හේමන්ත කහවලගේ




අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා.

එහිදී  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග කෙරුණේ. නඩුව යළි 12 වැනි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවයි නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඇප ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බවයි.

 

------------------------------

විජයකලා අත්අඩංගුවට

(08-10-2018 09:41)

 

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඇය ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණී අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මීට පෙරද ප්‍රශ්න කළා.

ඒ, එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන්.

අදාළ ප‍්‍රකාශය පදනම් කර ගනිමින් ඉකුත් සමයේ රටපුරා දැඩි කතාබහක් මතුවුණා. ඒ සමගම විජයකලා මහේෂ්වරන් දැරූ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඇයට අහිමි වුණා.