Friday, April 26, 2024

General line - 0115112241

දුමින්ද සුවෙන් - රෝහලෙන් වැලිකඩ යවන්න බාධාවක්

නිශාන් ද සිල්වා




මරණ දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා සුව අතට පත්ව ඇති බැවින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකට මාරු කිරීමේ බාධාවක් නොමැති බව බන්ධනාගාර රෝහල් වෛද්‍යවරු පවසනවා.

එහෙත් ඔහු බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද බන්ධනාගාර ආරංචි පවසනවා.

ඒ වෙඩි වැදීමෙන් හිස් කඹලට වූ හානි සැලකිල්ලට ගනිමින් මීට පෙර දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස දන්වා සිටියේ ස්නායු රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් වීමත්, නැවත ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට නම් එම වෛද්‍ය කණ්ඩායම නිර්දේශ ඉදිරිපත් කළ යුතු වීමත් හේතුවෙනි. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල මෙතෙක් කටයුතු කර නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවේ වසර දෙකක අධික කාලයක සිට මේ  දක්වා රඳවා සිිටිනවා.

හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව් දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහවුරු කළා.