Friday, April 26, 2024

General line - 0115112241

ලෝක වෙළඳපලේ යූරියා මිල ඉහළට - ලංකාවේ පොහොර මිල ගැනත් තීරණයක්




ලෝක වෙලදපොලේ යූරියා පොහොර මිල ඉහල ගොස් තිබෙනවා. මේ වනවිට යූරියා මෙටි‍්‍රක් ටොන් 01ක මිල රුපියල් 63,640ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තොරතුරු වලට අනුව මෙවර යළ කන්නයේ වගා කරන කුඹුරු ප‍්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 08ක්. ඒ සඳහා යූරියා මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 65,000ක් අවශ්‍ය වනවා.

මේ පිළිබඳ කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ලෝක වෙළඳපලේ මිල ඉහළ ගියද පොහොර සහානාධාරය පැවති මිලටම ගොවීන්ට ලබා දෙන බවයි. ඒ අනුව වී වගාව සඳහා ගොවීන්ට යූරියා පොහොර මල්ලක් රුපියල් 500කට ලබා දෙනු ඇති. සෙසු භෝග සඳහා ලබා දෙන්නේ රුපියල් 1,500කටයි.