Friday, April 26, 2024

General line - 0115112241

අද තරගය දෙපිලටම වැදගත්




ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 03 වන එක්දින ක‍්‍රිකට් තරගය අද (17) පැවැත්වෙනවා.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස එය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදීයි.

එම ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව අවසන් වශයෙන් තරග වැදුනු එක්දින තරග 05න් 04ක්ම පරාජයට පත්ව තිබෙනවා. 

මෙවර තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර දෙවන තරගය ජය ගත්තේ එංගලන්තයයි. ඒ අනුව තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට දෙපිලටම අද තරගය අතිශය වැදගත්.