Friday, April 26, 2024

General line - 0115112241

IMF සහ ලොව ප්‍රධාන පෙලේ සමාගම් බැංකු රැසක් සෞදිය මගහරියි

දිනුක් හේවාවිතාරණ




සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සමුළුවට සහභාගී නොවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටින් ලගාර්ඩ් තීරණය කර තිබෙනවා. 

ඉකුත්දා තුර්කියේ සෞදි කවුන්සල් ජෙනරල් කාර්යාලයේදී අතුරුදහන්වූ බව කියන මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීමේ සිදුවීම මුල් කර ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

" Davos in the desert " නමින් නම් කර තිබෙන ප්‍රධාන පෙලේ ව්‍යාපාරික සමුළුව මගින් ඉදිරියේ සෞදි අරාබියේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් දැනුවත් කිරීමට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කටයුතු සුදානම් කර තිබුනා.

මෙම තුන්දින ව්‍යාපාරික සමුළුව ඔක්තෝම්බර් මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

අමෙරිකාවේ ගුගල් සමාගම, Uber, Viacom සහ Ford සමාගම් ද මේ වන විට සෞදි සමුළුව වර්ජනය කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මිට අමතර ලොව ප්‍රධාන පෙලේ බැංකු වන HSBC, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ්, ක්‍රෙඩිට් සුවිස් යන බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ බ්‍රිතානයේ කොටස් වෙළදපලේ ප්‍රධානියාද මේ වන විට සෞදි සමුළුවෙන් ඉවත්ව තිබෙනවා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීමේ සිද්ධිය මුල් කර ගනිමින් මේ වන විට සෞදි රජය දැඩි අපහසුතාවයකට සහ දෝෂ දර්ශනයකට ලක්ව සිටිනවා.