Friday, March 29, 2024

General line - 0115112241

"ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම ගෞරව සම්මානයෙන්" නෙත් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය මහතා පිදුම් ලබයි (PHOTOS)




ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය 03 වන වරටත් සංවිධාන කළ ‘‘ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම’’ උළලේ දී නෙත් එෆ්. එම්. රේඩියෝවේ ප‍්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් "ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම" ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. 

ඒ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ උන්නතිය වෙනුවෙන්.

මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාවද මෙය වනවා.

‘‘ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම’’ උළල ඊයේ (17) රාත‍්‍රියේ කොළඹ වොටර්ස් ඒජ් හෝටලයේදී පැවැති අතර මෙවර එය නම් කර තිබුණේ ‘කලාකාර අභිනන්දන 2018’ යනුවෙනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙය උත්කර්ෂවත් අන්දමින් සංවිධාන කර තිබුණා.

සාහිත්‍ය, කලා, සන්නිවේදන ක්ෂේත‍්‍ර වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයමින් අචාර්ය ප්‍රනීත් අබේසුන්දර, බුද්ධදාස ගලප්පත්ති, වසන්ත දුක්ගන්නාරාළ, නිලාර් එන් කාසිම් ඇතුළු  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්  40 දෙනෙකුට ද මෙහිදී සම්මාන පිරිනැමුණා.