Saturday, January 25, 2025

General line - 0115112241

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේද වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේද වැසි ඇතිවිය හැකි විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක්ද පවතින බවයි කාර්යයේ නියුතු නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ. 


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස කරුණු දැක්වුවා.


මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන වැව් 72න් 55කම තවදුරටත් වාන් දමන බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.