දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද පත් කළා.
ඒ, දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා කෝපා කමිටුව අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදීයි.
සභාපතිධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි යෝජනා කර ඇති අතර සුසන්ත කුමාර නවරත්න මහතා එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.