Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව්වන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

තරංග රුක්ෂාන් ජයසේකර




අද (21) ආරම්භ වූ එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ, පළමුවෙන් පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50දී කඩුලූ 08කට ලකුණු 322ක් රැස්කර ගනිමින්. එහිදී විසිඑක් හැවිරිදි ශිම්රොන් හෙට්මයර් පන්දු 78කදී හයේ පහර 06ක් සමඟ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 106ක්. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දියාව මීට නොබෝ වේලාවකට පෙරපන්දුවාර 24.4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 162ක් ලබා සිටියා.