Saturday, April 27, 2024

General line - 0115112241

WWE ලෝක ශුරයා වන රෝමන් රේගන්ස් ශූරතාවය අතහරී (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන රෙස්ලින් ක්‍රිඩකයක් වන රෝමන් රේගන්ස් පිළිකා රෝගයෙන් පෙළෙන බවට වාර්තා වනවා.

ඊයේ (22) අමෙරිකාවේ පැවති WWE රෙස්ලින් තරගය ආරම්භ විමට පෙර රෝමන් රේගන්ස් විසින් තම රෝගී තත්ත්වය පිළිබදව නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

33 හැවිරිදි රෝමන් රේගන්ස් ප්‍රකාශ කර සිටියේ මිට වසර 11කට පෙර තමන් ලියුකේමියා රෝගයෙන් පෙළුණු බවත් ලැබු ප්‍රතිකාර හේතුවෙන් 2008 වසරේදි එය සුව අතට හැරුනු බවයි.

WWE ලෝක ශුරයා වන රෝමන් රේගන්ස් තමාගේ ශුරතාවය අත්හරින බවත් රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ක්‍රිඩාවෙන් සමුගන්නා බවටද ප්‍රකාශ කර සිටියා.

"මම සියලු දෙනාගෙන් සමාව අයදිනවා. ඔබලා බලාපොරොත්තුවෙන් හිටපු ඒ ක්‍රියාශිලි පුද්ගලයා විමට නොහැකිවිම ගැන" රේගන්ස් සිය සමුගැනිම ප්‍රකාශ කරමින් කියා සිටියා.