Friday, April 26, 2024

General line - 0115112241

සම්බා සහ නාඩු සහල් මිල අඩු වෙයි




මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් එකඟ වූ පරිදි සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ නිලධාරී ඩබ්ලිව්. එච්. දුමින්ද ප්‍රියදර්ශන පෙන්වා දෙනවා. ඒ අනුව රුපියල් 10ක පමණ මිලක් මෙහිදී අඩු වෙන බවයි සඳහන් කෙරුණේ.

ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක දී ව්‍යාපාරිකයින් මෙම තීරණයට එළඹ තිබෙනවා. 
පසුගිය කාලයේ වෙළෙදපොළහි සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කර තීරණය ගෙන ඇති බවයි සඳහන් කෙරුණේ.

සෑම වසරකම සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. පසුගිය වර්ෂ ගණනාවක් පුරා මෙම කාලසීමාවේ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව පැවතුන බවද සඳහන් කළා.

එම සහල් මිල ජනතාවට බරක් නොවන ලෙස පහළ දැමීම මෙහි අරමුණ වන අතර ඒ අනුව සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 108ක උපරිම මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 88කටත් නියම වෙනු ඇති. 

මෙම මිල අඩුවීම අනෙකුත් සහල් වර්ගවලට ද බලපාන බවයි  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ  ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී  දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ.

ඒ අනුව රටේ සමස්ත ජනතාවගෙන් සියයට 80ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල අඩුවීම සෘජුවම අනෙකුත් සහල් වර්ගවල මිල මට්ටම් පහළ යෑමට බලපාන අතර එහිදී සුදු කැකුළු, රතු කැකුළු ආදී සහල්වර්ගවලද මිල පහළ යනු ඇති බවයි පෙන්වා දුන්නේ.