Friday, April 26, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් - බස් පෝළිම කිලෝමීටර් 04ක් දුරට (PHOTOS)

නිශාන් ද සිල්වා




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල දැඩි රථ වාහන තදබදයක් පැවතීම හේතුවෙන්, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිටවීමේ දොරටු භාවිත කරන ලෙසට රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කොට්ටාව පිටවීමේ දොරටුව මේ වන විට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන රට රකින ජනමහිමය මහජන උද්ඝෝෂණය සහ ජනරැළියට සහභාගී වන ජනතාව රැගත් බස් රථ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වෙන්නේ. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සිට කිලෝමීටර් 04ක් දුරට දිගු බස් පෝළිමක් ඇති බවද වාර්තා වෙනවා. ගාල්ල සහ මාතර ප්‍රදේශවල සිට මෙම බස් පැමිණ තිබෙනවා. 

මේ වන විට අධිවේගී පිවිසුමෙන් පිටවී ඇති බස් සංඛ්‍යාව 300ක් පමණ වන බවද සඳහන්.