Friday, April 26, 2024

General line - 0115112241

පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයට - මහ බැංකුව හා රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයට

කසුන් කැලුම්




පොලිස් දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුව පැවතුණේ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේයි. නව අමාත්‍යවරුන්ගේ විෂයන් ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනයට අනූව ත‍්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය බට බලකාය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන 17 ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෙත‍්‍රීපාල සිරිසේන මහතායි.

මේ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතට පත් කර තිබෙනවා.

ඉකුත් රජය සමයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා යටතට පත් කර තිබූ අතර රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේයි.

මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා යටතේ පැවති ශ‍්‍රී ලංකන් සහ මිහින් ලංකා සමාගම් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යටතට පත් කර තිබෙනවා.