Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්




ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට අනුව පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අත්හිටවු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නිත්‍ය නියෝජිතයින් සඳහා වූ සාකච්ඡාව ද දින නියමයක් නොමැතිව කල් තබන ලද බව මැතිවරණ කොමසාරිස් ජනරාල් 
එම්. ඒ. පී. සී. පෙරේරා සඳහන් කළා.