Friday, April 26, 2024

General line - 0115112241

නිත්‍ය නායකයා නැතිව අද ශ්‍රී ලංකා පිළ තරග බිමට




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (14) ආරම්භ වනවා.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

ආබාධායකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් අද තරගයට සහභාගී වන්නේ නැහැ. ඒ අනුව අද ආරම්භ වන තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම සුරංග ලක්මාල් විසින් මෙහෙයවනු ලබනවා. 

තරග 03කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ එංගලන්ත කණ්ඩායමටයි.