Friday, April 26, 2024

General line - 0115112241

ලංකා IOC සමාගම ඉන්ධන මිල පහත හෙළයි

දිනුක් හේවාවිතාරණ




අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් පහත හෙළිමට පියවර ගෙන තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම කියා සිටින්නේ ලංකා ඔටෝ ඩිසල් ලීටරයක් රු. 7 කින්ද, ලංකා පෙට්ට්‍රල් 92 වර්ගයේ ලීටරයක් රු.5 කින් ද මිල පහත හෙළීමට පියවර ගෙන ඇති බවයි.

ඊට අමතරව ලංකා සුපර් ඩිසල් (Euro 4) සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිලද රු. 5කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

නවතම මිල ගණන් පහතින් දැක්වේ.