Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නිල නොවන සුනාමියක් ඇවිල්ලා

සජිත් තිලකරත්න




රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇතැයි ශී‍්‍ර ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසනවා. මේ, එහි සභාපති රොහාන් අබේවික‍්‍රම.

ජනවාරි පෙබරවාරි කියන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළම අවස්ථාවක් වන අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා මෙයට සම්බන්ධ අයට ලංකාවේ නිහතමානි තත්ත්වයක් ඇති කරන්න කියලා. එහෙම නැති උනොත් පහුගිය අවුරුදු 05 දී අමාරුවෙන් ගොඩ ගත්ත සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. එකෙන් අනෙක් රටවල් ප්‍රයෝජන ගන්නවා. යුරෝපයේ රටවල් ලංකාවට සංචාරකයින් එවන එක නතර කරනවා. එයාලා දකිනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ වෙන දේවල්. ලංකාව හැංගිලා තියෙන රටක් නෙමෙයි. මේක හරියට නිල නොවන සුනාමියක් ආවා වගේ, ඔහු කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීයි.