Friday, April 26, 2024

General line - 0115112241

තමන්ට තීරණයක් ගැනීමට සිදුකළ යුතුදේ ජනපති කියයි

දිනුක් හේවාවිතාරණ




අද (18) දින පැවති සර්ව පාක්ෂික සමුළුව ඉතා සුහදශීලි අයුරින් නිමාවුණු බවත්, පාර්ලිමේන්තුව තුළදී ඉදිරියේදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමට සහ ගැටුම් වලින් තොරව සාමකාමිව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සියළු පාර්ශව එකඟවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ අතර රජයට එරෙහිව ගොනු කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ජන්ද විමසීමක් සිදුකිරීම අත්‍යවශය බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බව එම නිවේදනයේ සඳහන්.