Friday, April 26, 2024

General line - 0115112241

ලෝක ශූරයෝ දිවයිනට

ටී.කේ.ජී කපිල - කටුනායක




ඉන්දියාවේ පැවති විස්සයි 20 ශ‍්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ‍්‍රී ලංකා ශ‍්‍රව්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම  අද (01) උදැසන දිවයිනට පැමිණියා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  ඔවුන් පිළිගනු ලැබුවේ ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු  ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින්. මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම පරාජ කළේ ලකුණු 36 කින්.