Friday, April 26, 2024

General line - 0115112241

රජයේ උත්සව සුපිරි හෝටල්වල පැවැත්වීම තහනම් - ජනපතිගෙන් දැඩි තීරණයක්

සමන්ත කුමාර




අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රමුඛ සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් රජය චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම චක‍්‍රලේඛය නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිත නොකර අධික මිළ ගණන් ගෙවා රජයේ උත්සව සුඛෝපභෝගි හෝටල්වල පැවැත්වීම මගින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.