Friday, April 26, 2024

General line - 0115112241

විජයකලාගේ නඩුව පෙබරවාරි 22 දක්වා කල් යයි

දිනුක් හේවාවිතාරණ




එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම නිසා මෙලෙස නඩුව කල් තබන ලදියි. 

එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවා.