Friday, April 26, 2024

General line - 0115112241

විරෝධතාකරුවන් සමග සාකච්ඡා කරන්න ප්‍රංශ ජනපති තීරණය කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දින කිහිපයක් පුරා ප‍්‍රංශයේ ඉතා උණුසුම් අයුරින් ක‍්‍රියාත්මක විරෝධතාවලට සහභාගී වී සිටින විරෝධතාකරුවන් සමග සාකච්ඡාවකට ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් තීරණය කර තිබෙනවා.

වෘත්තීය සමිති සහ සේවක සංවිධානවල ප‍්‍රධානීන් හමු වී ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන බදු ඉහළ නැංවීම, වැඩි වන ජීවන වියදම සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාකරුවන් ඉකුත් දින ගණනාවක් පුරා දැවැන්ත විරෝධතාවල නිරත වනවා. ඉකුත් සෙනසුරාදා ද එක්ලක්ෂ 36,000ක් පමණ විරෝධතාවයේ නිරත වුණා.

මේ දක්වා 1200කට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද සඳහන්. 

ප‍්‍රංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය බෲනෝ ලී පවසා ඇත්තේ කහ බැනියම්කරුවන්ගේ විරෝධතාව හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. සුළු ව්‍යාපාරිකයින්ට ඩොලර් බිලියන 1.1ක පාඩුවක් සිදුව ඇති බවත් ආපනශාලාවලට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් පහල ගොස් ඇති බවත් ඔහු පවසනවා.