Friday, April 26, 2024

General line - 0115112241

මෙවර IPL ලයිස්තුවට ගිය මෙරට ක්‍රීඩකයින් දෙදෙනා ඉහළම වටිනාකමකට වෙන්දේසියේ

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව සුප‍්‍රකට ක‍්‍රිකට් තරගාවලියක් වන IPL තරගාවලිය සඳහා තෝරා ගැණුනු අවසන් ක‍්‍රීඩකයින් 346 දෙනෙකුගේ ලැයිස්තුවට ශ‍්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත් වී තිබෙනවා.

ඒ, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්.

මෙම ක‍්‍රීඩකයින් 346 දෙනා තෝරා ගැණුනේ ක‍්‍රීඩකයින් 1003 දෙනෙකු අතරින්.

තෝරාගත් පිරිසට ඉන්දීය ක‍්‍රීඩකයින් 226 දෙනෙකුම අයත්. එහෙත් මෙවර ඉහළම වටිනාකම ලෙස මූලික අදියරේ මිල ගණන් ප‍්‍රකාශ කිරීමේදී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට ලන්සු තබා ඇත්තේ ක‍්‍රීඩකයින් 09 දෙනෙකුට පමණයි.

ඒ අතරට ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද අයත්. IPL ක‍්‍රීඩක වෙන්දේසිය ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි.