Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිවරියට එරෙහිව විශ්වාසභංගයක්

දිනුක් හේවාවිතාරණ




බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඇය නියෝජනය කරනු ලබන කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

මේ අනුව අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙස ඉල්ලා මන්ත්‍රිවරුන් 48 දෙනෙක් ලිපි ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

2016 වසරේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව තෙරේසා මේ හට බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත් කරනු ලැබුවා.

බ්රේකසිට් නම් නව ආර්ථික ගිවිසුමක් සම්බන්ධයෙන් කටයුතු කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරිය දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටිනවා. ඇයට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම අද (12) සිදු කිරීමට නියමිතයි.

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිවරිය තෙරේසා මේ පවසා සිටින්නේ තමා සතු සියළු කරුණු සමගින් මෙම විශ්වාසභංගයට මුහුණ දෙන බවයි.