Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි ඉනිමක් ගොඩනගමින් රටේ ආදරය දිනූ මැතිව්ස්ව IPL වෙන්දේසියේදී සියලු දෙනාම ප්‍රතික්ෂේප කරලා

තරංග රුක්ෂාන් ජයසේකර




නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකා දෙවන ඉණිම ගොඩගැනීමේ සටනක් ආරම්භ කළ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ඉණිම ගොඩනගමින් සිටිනවා.

තරගයේ අවසන් දිනය වන අද (19) දිනයේ පළමු භාගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ හේතුවෙන් පැය කිහිපයක් ප‍්‍රමාද වී තරගය ආරම්භ කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

සිව්වන දිනය වූ ඊයේ (18) දිනය නිමා වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 259ක් රැස්කර ගෙන සිටියා. වර්ෂාවෙන් පසු මේ වනවිට තරගය යළි ක‍්‍රියාත්මකයි. නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120ක් රැස් කර ගෙන සිටිනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලූ 03කට ලකුණු 287ක් ලෙසයි. 

මේ අතර මෙම තරගයේ දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන ඉණිමක් ගොඩනැගු ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවති IPL ක‍්‍රීඩක වෙන්දේසියේ දී සියලූ කණ්ඩායම් මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

එහෙත් ඉන්දීය රුපියල් කෝටි දෙකකට ලසිත් මාලිංග මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා. ක‍්‍රීඩක වෙන්දේසියට ශ‍්‍රී ලංකාවෙන් තෝරාගෙන තිබුණේ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනා පමණයි.