Friday, April 26, 2024

General line - 0115112241

සුරංග ලක්මාල් නවසීලන්ත පිතිකරුවන් අමාරුවේ දමයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා පිලේ නවසිලන්ත තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරග අද (26) ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වුනා. කාසියේ වාසියේ දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි නවසිලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4 වැඩි කාලවේලාවක් නොගොස්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

තරගයේ ආරම්භයේ පටන් දක්ෂ පන්දු යවිමකට නිරතවූ සුරංග ලක්මාල් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 36ක් තුලදී දවා ගැනීමට සමත් විය.

මෙම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා. ඒ ධනංජය සිල්වා සහ කසුන් රාජිත වෙනුවට රොෂේන් සිල්වා සහ දුෂ්‍යන්ත චමීර කණ්ඩායමට කැඳවීට පියවර ගෙන ඇත.

පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසිලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 51ක් ලබා සිටියා. රොස් ටේලර් නොදැවී ලකුණු 22. සුරංග ලක්මාල් 18/4.