Friday, April 26, 2024

General line - 0115112241

ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්තිට ඇමති සජිත්ගෙන් නිවසක්

සමන්ත කුමාර/පසන් වික්‍රමතිලක




රටට ගෞරවය ගෙන දෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබාදීම සෑම රජයකම වගකීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් අද (26) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව අගුලාන සයුරුපුර නිවාස ව්‍යාපෘතියෙන් ඇයට මෙම නිවස ලබාදී තිබෙනවා.

එම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සදහා එම අමාත්‍යංශය මගින් පිරිනැමූ 23 වන නිවස ද මෙය වනවා.